Day: November 7, 2023

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත. කියවන්න...

නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ටාජ් හෝටලයක්

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

“නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ තෙමෙන තැන්වලට බාල්දි තියලා තියෙන්නේ. ඒ අකර්මණ්‍ය වූ ඌන උපයෝජිත සම්පත ඵලදායීව ඉදිරිපත් කරන්න යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. ටාජ් සමුද්‍රා හෝටලය, සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයින් වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයත් නුවර එළිය. විශේෂයෙන් ඉන්දියන් සංචාරකයෝ සීතාඑළිය හරහා එන ප්‍රදේශයට ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්.“ කියවන්න...