ජාතික ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් අයිතිය විකුණයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (09) දිනයේ දී විකුණා දමන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර තිබේ.
ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26 ක් වේ.
මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇත.
2023 ජූනි 30 දින වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විශාලතම කොටස් හිමියන් 20 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ. එහි 5 වෙනි ස්ථානය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හිමිව තිබිණ.

අද දෙරණ