2024 අයවැය පියවන්න බිලියන 3900 ක් ණය ගන්න හර්ෂගේ මුදල් කමිටුවේ අනුමැතිය
රුපියල් බිලියන 7833 ක් වියදම් කරන්න අවසර

2024 අයවැය පියවීම සඳහා රුපියල් බිලියන 3900 ක් ණය ලබා ගැනීමට රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබාදුන් බව එම කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ලබන වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5354 ක් බවත්, ප්‍රාග්ධන වියදම බිලියන 2473 ක් බවත් කී ඒ මහතා සමස්ත වියදම බිලියන 7833 බවත්, එම වියදම් සඳහා ද රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබා දී ඇති බවත්, ප්‍රකාශ කළේය.
මෙම අයවැය පියවීම සඳහා ආදායම් උපයාගැනීම ගැන ජනාධිපතිතුමා 13 දා ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් ප්‍රකාශ කරැණු ඇතැයි කී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එමවර්ශය සඳහා රජයේ ණය සීමාව ලෙස බිලියන 3900 ක් රාජ්‍ය මුදල් කමිටුව විසින් අනුමත කරන ලද බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.