ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බලගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී. ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සහ සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමෙහි තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද මහතා විසින් පසුගිය දා අත්සන් තබන ලදී.
මෙම උපාය මාර්ගික සහයෝගීතාවයේ ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දීම මඟින් මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාරවල ඉක්මන් වර්ධනයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.