චීන ණය ගිවිසුම් කොන්දේසි පැරිස් සමාජයට දැනුම් දෙයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව පැරිස් සමාජය ඇතුළු අනෙකුත් ණය හිමියන් දැනුවත් කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
එම ණය හිමියන් චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අධ්‍යයනය කොට තීරණයකට එලබෙනු ඇතැයි කියති.
මේ වසර අග වන විට ණය හිමියන් සමග එකඟතාවකට එළඹීමට හැකි වනු ඇති බව ද මහ බැංකු අධිපතිතුමා විදෙස් පුවත් සේවාවකට ප්‍රකාශ කොට තිබේ.