ලෝකයේ ග්‍රෆින් මුළු වෙළෙඳාම ඩොලර් මිලියන 200 යි ; ලංකාවේ මිනිරන් එයට ගන්නෙත් නැහැ – ව්‍යාපාරික ධම්මික පෙරේරා

ග්‍රෆින් සඳහා ලෝකයේ ඇති සමස්ත වෙළෙඳපොළ ඩොලර් මිලියන 200 ක් බවත්, ග්‍රෆින් හදන සමාගම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් ලබා නොගන්නා බවත්, තමන් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ප්‍රකට ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විදේශීය සමගාමක් සතු , ශ්‍රී ලංකාවේ ප්‍රධාන මිනිරන් නිෂ්පාදන සමාගමක් මිල දී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ තමා කළ අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළි වූ බව ඒ මහතා කියයි.

ධම්මික පෙරේරා මහතා කියන්නේ ඒ වනවිට ලෝකයේ පැවති සමස්ස්ත ග්‍රෆින් වෙළෙඳපොළ ඩොලර මිලියන 120 ක් පමණක් වූ බව සහ මේ වන විට එය ඩොලර් මිලියන 200 ක් වී ඇති බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ඇත්තේ සියයට 99 ක් කාබන් අඩංගු මිල අධික මිනිරන් බවත්, ග්‍රෆින් හදන්න ගන්නේ සියයට 92 ක තරමේ කාබන් ප්‍රතිශතයකින් යුතු මිල අඩු මිනිරන් බවත් ධම්මික පෙරේරා මහතා කියයි.

අඩු කාබන් ප්‍රතිශතයක් ඇති මිනිරන් සියයට සියයකට ආසන්න කාබන් ප්‍රතිශතයක් ඇති මිනිරන් බවට පත්කිරීමේ තාක්ෂණය දියුණු වී ඇති නිසා ශ්‍රී ලංකාවේ  මිනිරන් සඳහා ඉල්ලුම ද පහත වැටී ඇත.

අඩුමිලට මිනිරන් අපනයනය කිරීම වෙනුවට ග්‍රෆින් බවට පත්කර යැවීමෙන් විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලැබිය හැකි බවත්, එයින් විදේශ විනිමය   ප්‍රශ්නය විසදා  ගත හැකි බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමෙරිකා සංචාරයක් අතරතුර ප්‍රකාශ කොට තිබිණි.ඒ මහතා එසේ කීවේ රටේ ආර්ථිකය නංවන්නට ජාතික ජන බලවේගයට ඇති විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.

කෙසේ වෙතත්, 2020 වසරට පෙර සිට ශ්‍රී ලංකාව ග්‍රෆින් නිපදවා අපනයනය කරන බව ද පසුව හෙළිදරව් වී ය. එයට ඇත්තේ ඉතා කුඩා වෙළෙඳපොළකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *