2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ.
2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනිමට සමත්ව ඇත. මෙහිදී වඩාත් කැපී පෙනෙන සාධකය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් අත් කර ගැනීමයි. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජනයන්හි මන්දගාමීත්වයක් පෙන්නුම් කරයි.