අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර් මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි
.මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි.
මෙම මුදල් ඉදිරි සති කිහිපයේ දී මෙරටට ලැබෙනු ඇත.
ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලැබෙන මිලියන 300 ක මුදල අයවැය පියවීමේ ආධාරයක් ලෙස ලැබෙනු ඇති අතර පසුගිය කාලයේ නැවතී ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට එම මුදල යොදාගන්න බව රජය ප්‍රකාශ කරයි.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි කරයුතු සඳහා ච්ව්ව්නයෙන් සහ ජපානයෙන් ලැබෙන මුදල් ද ඇතුළු ව්‍යාපෘති ආධාර ද ඉදිරි කාලයේ මෙරටට ලබාගත හැකිවන බව කියති.