ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීන්දුයි

ශ්‍රී  ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත.

කෙසේ වෙතත්,  එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව ද වාර්තා වෙයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටුවීය. ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ මෙරට විදේශ විනිමිය සංචිත වාර්තාගත ලෙස පහළයෑමය.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරික නිදහස්වීමත්, ලෝක බැංකුව සහ වෙනත් ආයතන සහ රටවලින් නැවතත් ණය සහ ආධාර සඳහා අවකාශ විවෘත වන බවත් කියති.

ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදීම ද මේ සමග සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *