රට ගිය වෛද්‍යවරුන් ආපසු එන්න පටන අරන් – සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල
සෞඛ්‍ය සේවකයින් රට යාමේ අඩුවීමක්

ආර්ථික අර්බුද සමයේ වැඩි වී තිබු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් විදේශ ගත් වීමේ ප්‍රවනතාව මේ වන විට අඩු වීමක් පෙන්නුම් කරන බවත්, විදේශ ගතව සිටි විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවා කාල අවසන් කරමින් නැවත මෙරටට පැමිණීමට පටන්ගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් දොස්තර පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.
ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ බුද්ධි ගලනය සෞඛ්‍ය සේවයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බව යි.