Month: December 2023

කටුපොල් තහනම වහා ඉවත් කරන්නැයි වැවිලිකරුවෝ රජයෙන් ඉල්ලති

තිරසාර කටුපොල් වගාව තුළින් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය වෙනසකට ලක් කිරීම

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. කියවන්න...

ජාතික උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම අගය  ඔක්තෝබර් මස සටහන්ව තිබුණේ  සියයට 1 ක් වශයෙනි.

මෙම උද්ධමනය අගයට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්වා තිබේ . කියවන්න...

එස්ටෝනියාවේ සිට මත්තලට සෘජු ගුවන්ගමන් ඇරඹෙයි

එස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු වරට සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් SkyUp ගුවන් සේවයට අයත් U5-9394 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 11.50 ට පමණ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිය.

මෙම ගුවන් යානයෙන් සංචාරකයින් 117 දෙනෙකු පැමිණි අතර ඔවුන් ඉතා උත්සවාකාරයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබීය. එම අවස්ථාවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද එක් වී සිටියේය. කියවන්න...

ලෝක බැංකු ණය ඩොලර් මිලියන 250 ක් ලබා දෙයි

පසුගිය ජුනි මාසයේදී මුලින් අනුමත කරන ලද ඩොලර්  මිලියන 500 ක් වූ ණය මුදලින්  ඩොලර් මිලියන 250 ක අයවැය ආධාරක ණයක් ශ්‍රී ලංකාවට නිකුත් කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කොට ඇත.

ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් ඇති බවත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, බැංකු (විශේෂ විධිවිධාන) පනත සම්මත කිරීමත් පිලිබඳ ප්‍රගතිය තක්සේරු කිරීමෙන් පසු ණය මුදලේ  දෙවන වාරිකය නිකුත් කරනු ඇති බව ද ලෝක බැංකුව කියයි. කියවන්න...

ආර්ථික වර්ධනය ධන අතට හැරෙයි

ආර්ථික වර්ධනය ධන වෙයි

2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත.

ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ. කියවන්න...

ශ්‍රී ලංකාව තවමත් අඩු ම බදු අයකරන රටක් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු ප්‍රමාණයක් බව IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුව අමතා ප්‍රකශ කළේය. කියවන්න...

කිලිනොච්චි සූර්ය බලාගාරය: ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ නවෝදයක්

solar power plant on water in Portugal

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 1.7 ක ඍජු විදේශ ආයෝජනයකින් බැටරි ගබඩාවක් සහිත සූර්ය බලාගාරයක් සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (PPA) අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙගාවොට් 700ක ධාරිතාවක් සහිත මෙම බලාගාරය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මත ඉදිකෙරෙන අතර මෙගාවොට් පැය 1500ක බැටරි ගබඩා පද්ධතියකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් රැකියා උත්පාදනය කිරීම සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කෙරේ.

ධාරිතාව: මෙගාවොට් 700 (MW) සූර්ය බලශක්තිය කියවන්න...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය සමග සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. කියවන්න...

IMF දෙවැනි වාරිකය සඳහා අනුමැතිය

IMF දෙවැනි වාරිකය සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. කියවන්න...

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සම්මන්ත්‍රණය දෙසැ: 08 සහ 09

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing buttonmessenger sharing button

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 35වෙනි වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මෙම මස 08 සහ 09 දෙදින

කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ සහ පුහුණු ආයතනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා කෘෂිකර්මාන්තයේ පරිනාමය කිරීම මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව එම සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ පැවසූහ. 

කොළඹ 07 පිහිටි වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ශ්‍රවණාගාරයේ ඊයේ (06) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කෙසේ සිදුකළ යුතු දැයි මැයෙන් තම සංගමයේ ආර්ථික විද්‍යාඥයින් ප්‍රධාන විද්වත්හු විසින් සිදුකළ පර්යේෂණ වාර්තා 24ක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරෙනු ඇත.

වසර 2025දී මෙරට කර්මාන්ත අංශය දියුණු කරන ආකාරයත් වසර 2026දී මෙරට සේවා අංශය දියුණු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා වට පැවැත්වීමට සැලසුම් කොට ඇතැයිද උන්වහන්සේ කීහ.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ලෝක බැකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥ ජෝන් කීසර් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වන අතර ගෞරවනීය ආරාධිතයා වනුයේ සීමාසහිත සණස රක්ෂණ සමාගමේ සභාපති පී.ඒ කිරිවන්දෙණිය බවද උන්වහන්සේ පැවසූහ.

මෙම සම්මන්ත්‍රණයේ කතිකා කරණ මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා වූ යෝජනා සහ වැඩ පිළිවෙල ඉදිරියේදී සාරවත් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වේ. එය මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන්ට සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන පිරිසට පරිශීලනය කොට ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් රටේ ඇති කිරීමට භාවිතා කළ හැකිය.

පළාත් පාලන ආයතන විසින් මධ්‍යම රජයේ බදු මුදල් ලබා ගැනීමකින් තොරව තම ආයතනය පවත්වා ගැනීමට නව ආකාරයෙන් සිතා බදු ආදායම එක් රැස් කිරීම සම්බන්ධයෙන් නිර්මාණාත්මකව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ මහා ලේකම් ආචාර්ය මාරිංග සුමනදාස සඳහන් කළේය.