එක් ආරෝපණයකින් කි.මී. 300ක්. ලංකාවේ දී එකලස් වෙන ඉලෙක්ට්‍රික් බස් මෙන්න

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්ට්‍රික් බස් රථ එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අදියරේ දී බස් රථ 5 ක් මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

දේශීය ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සහ දේශීය අගය එකතු කිරීම් සහිතව එකලස් වන මෙම බස් රථයකට, එක් ආරෝපණයකින් කි.මී. 300 ක දුරක් ධාවනය කිරීමට හැකි බව වාර්තා වේ.

https://youtube.com/watch?v=gnXBOpm2T_8%3Fsi%3DS-fwXoUmdtR7n6DI

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *