ශ්‍රී ලංකාව තවමත් අඩු ම බදු අයකරන රටක් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු ප්‍රමාණයක් බව IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුව අමතා ප්‍රකශ කළේය.