ලෝක බැංකු ණය ඩොලර් මිලියන 250 ක් ලබා දෙයි

පසුගිය ජුනි මාසයේදී මුලින් අනුමත කරන ලද ඩොලර්  මිලියන 500 ක් වූ ණය මුදලින්  ඩොලර් මිලියන 250 ක අයවැය ආධාරක ණයක් ශ්‍රී ලංකාවට නිකුත් කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කොට ඇත.

ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් ඇති බවත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, බැංකු (විශේෂ විධිවිධාන) පනත සම්මත කිරීමත් පිලිබඳ ප්‍රගතිය තක්සේරු කිරීමෙන් පසු ණය මුදලේ  දෙවන වාරිකය නිකුත් කරනු ඇති බව ද ලෝක බැංකුව කියයි.

“ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ ගම්‍යතාවය ආර්ථිකය ස්ථාවර කිරීමට පමණක් නොව, පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් වර්ධනය සහ පරිවර්තනය සඳහා එහි විභවයන් මුදා හැරීමට ද ඉතා වැදගත් වේ” යනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ෆාරිස් එච් හඩාඩ්- ශේර්වොස් ( Faris H. Hadad-Zervos ) මහතා ප්‍රකාශ කොට ඇත.

ප්‍රතිසංස්කරණ මත පදනම් වූ ණය දීම IMF, ADB සහ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව ද ලෝක බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *