ජාතික උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම අගය ඔක්තෝබර් මස සටහන්ව තිබුණේ සියයට 1 ක් වශයෙනි.
මෙම උද්ධමනය අගයට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්වා තිබේ .
ඔක්තෝබර් මාසයේදී සියයට සෘණ 5.2 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සෘණ 2.2 දක්වා වැඩි වී ඇති බවත් ඔක්තෝබර් මාසයේදී සියයට 6.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේදී සියයට 7.1 දක්වා වැඩි වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.