විදුලි ගාස්තු අඩු කළ හැකි LNG නල මාර්ගයක් ඉන්දියාවේ සිට කොළඹට

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළකළේය.