සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට බිලියනයක ආයෝජනයක්

සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට රුපියල් බිලියනයක ආයෝජනයකින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි
කොවිඩ් -19 වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇණහිට තිබු බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
. “අපි මෙම ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කරනවා. මූලික වශයෙන් රු. මේ වසරේ රුපියල් මිලියන 320ක් යොදා මෙම ව්‍යාපෘතිය යටතේ සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනාගත් ස්ථාන සංචාරක කලාප බවට පත් කර ඒවාට යටිතල පහසුකම් ලබා දෙනවා.” ඇමතිවරයා පවසයි.
යටිතල පහසුකම් සැපයීමට අමතරව ඓතිහාසික වැදගත් ස්ථාන සංරක්ෂණය කර සංවර්ධනය කිරීම ද ව්‍යාපෘතියට ඇතුලත් ය. මෙම ප්‍රදේශවල සංචාරක පාර්ශවකරුවන්ට වැඩි ආදායමක් උපයා ගැනීමට මෙම මුලපිරීම් උපකාරී වනු ඇතැයි විශ්වාස කෙරෙයි.
ත්‍රිකුණාමල වරාය ආශ්රිත ප්රෙදේශ සංවර්ධනය කිරීමට ද කටයුතු කරනු ඇත.