උමා ඔයෙන් මෙගා වොට් 120 ක විදුලිය පෙබරවාරි 15 දා සිට ජාතික පද්ධතියට
වාමාංශික උද්ඝෝෂණ නිසා වසර පහක් ප්‍රමාදයි.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීම පෙබරවාරි 15 දා සිට ඇරඹෙනු ඇතැයි වාර්තා වෙයි.
එමගින් ජාතික පද්ධතියට මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිත ය.
උමා ඔය ව්‍යාපෘතිය මගින් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වාරි කටයුතු සඳහා සහ පානීය ජලය සැපයීමට ද කටයුතු කෙරෙයි.
මෙම ව්‍යාපෘතිය 2018 දී අවසන් කිරීමට ද ඇතැම් වාමාංශික කණ්ඩායම් ගෙන ගිය විරෝධතා හේතුවෙන් එය වසර පහක් ප්‍රමාද වී ය.
උද්ඝෝෂණ මෙහෙය වූ කණ්ඩායම් වලට ප්‍රදේශයේ මැතිවරණ වල දී අන්ත පරාජයක් හිමි වීම ද කැපී පෙනෙන සිදුවීමකි.