Day: February 28, 2024

මුල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය 7 දා සිට

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාදීමට පෙර කරන ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ  දෙවැනි සමාලෝචනය මාර්තු 7 දා ආරම්භ වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම සමාලෝචනය සති සේකක කාලයක් පැවැත්වෙනු ඇත. කියවන්න...

ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය.

අද දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. කියවන්න...

ආහාර මිල , ඉන්ධන , විදුලි ගාස්තු ලබන මස අඩු කරනවා – ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියයි

ඩොලරය රුපියල් 280 -300 මට්ටමට

රජයේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් වී ඇති බැවින් ආහාර මත බදු, විදුලි ගාස්තු, ඉන්ධන මිල ලබන මාසයේ සිට අඩු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත.

රුපියලේ අගය ඩොලරයට රුපියල් 280 – 300 මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, එවිට බදු මිල තවත් අඩුවනු ඇති බවත්, ජනාධිපතිතුමා පවසා තිබේ.

ජල සම්පාදනයට ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අනුමත වී ඇති බව ජල සම්පාදන ඇමති ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ  කරයි.

අදියර දෙකකින් යුතු ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වරෙකට ඩොලර් මිලියන 100 බැගින් අවස්ථා දෙකක දී මෙම ආධාරය ලබාදීමට නියමිත ය. කියවන්න...

SME ව්‍යවසායකයින් ගොඩගන්න රු. බිලියන 20ක ව්‍යාපෘතියක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇත. කියවන්න...

ETCA ට අමතරව ඉන්දු ලංකා ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක්

අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට එළඹීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර අත්සන් කෙරෙන විස්තීරණ වෙළෙඳ ගිවිසුම හෙවත් ECTA ගිවිසුමට අමතර වශයෙන් දෙරටේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මෙම නව ගිවිසුමට එළඹීමට නියමිත ය. කියවන්න...