මුල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය 7 දා සිට

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාදීමට පෙර කරන ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ  දෙවැනි සමාලෝචනය මාර්තු 7 දා ආරම්භ වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම සමාලෝචනය සති සේකක කාලයක් පැවැත්වෙනු ඇත.

අරමුදල සමග එකඟ වූ වැඩ සටහනේ ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරෙනු ඇත.

අරමුදලේ තෙවැනි ණය වාරිකය මුදා හැරීම මෙම සමාලෝචනයෙන් පසුව සිදුවනු ඇති බව රාජ්‍ය ඇමතිවරයා කියයි.

ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සේමසිංහ මහතා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *