වැට් බලපෑම අවම යි ; උද්ධමනය 5.9 % දක්වා පහතට

ජනවාරි මාසයේ වැට් බදු වැඩි කිරීමත් සමග මෙරට උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් කළ පුරෝකථන බොරු කරමින් පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 5.9 දක්වා පහත වැටී ඇත.
ජනවාරි මාසයේ එය පැවතියේ සියයට 6.4 ක් වශයෙනි.
ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත්කළ දත්ත අනුව පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය වාර්තා වී ඇත්තේ සියයට 3.5 ක් වශයෙනි. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 7.0 ක් වශයෙන් වාර්තා වී ඇත.