Day: March 1, 2024

ඩොලරය රුපියල් 308.80 /90 යි

අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.

මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි. කියවන්න...

බැංකු පොලී අඩු වී මාස 18 ක් 20 ක් පවතීවි ; ඩොලරයේ අගය එකවර බහින්න ඉඩ දෙන්නේ නැහැ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ය.

බැංකු පොලියේ තවත් අඩුවීමක් අපේක්ෂා කරන බව කී ආචාර්ය වීරසිංහ මහතා ඉක්මනින් නොවුණත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ද තව දුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කී ය. කියවන්න...

ජනවාරි මාසයේ අලුත් සමාගම් 1,995 ක් ලියාපදිංචි කරලා – මහ බැංකු අධිපති

ආර්ථික වර්ධනයක් ගැන සුබ සඥාවක් !

සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය කියයි. කියවන්න...