බැංකු පොලී අඩු වී මාස 18 ක් 20 ක් පවතීවි ; ඩොලරයේ අගය එකවර බහින්න ඉඩ දෙන්නේ නැහැ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ය.

බැංකු පොලියේ තවත් අඩුවීමක් අපේක්ෂා කරන බව කී ආචාර්ය වීරසිංහ මහතා ඉක්මනින් නොවුණත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ද තව දුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කී ය.

ඒ අනුව බැංකු පොලී අනුපාත තවත් අඩු වී ස්ථාවර වනු ඇත.

විදේශ විනිමය වෙළෙඳපොළ පාලනය කිරීමේ සම්පුර්ණ බලය මේ වන විට මහ බැංකුවට ලැබී ඇති බව කී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ ඩොලරයේ අගය එකවර අඩු වීමට මහ බැංකුව ඉඩ නොදෙන බව යි  මේ දිනවල දිනකට රුපියලකින්වත් දොලරයෙඅගය අඩු වීමට ඉඩ නොදෙන මහ බැංකුව වෙළෙඳ පොලෙන් ඩොලර් මිල දී ගනිමින් සිටියි.

ණය ප්‍රතිව්‍යුහගත කරණය ගැන ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා කීවේ එය දැන් අවසන් අදියරේ පවතින බව යි. නිල ණය හිමියන්ගේ සංවිධානයේ ගිවිසුමේ මුල් කෙටුම්පත ගිය සතියේ ලැබුණු බවත්, පෞද්ගලික ණය හිමියන්ගේ යෝජනා සහ අපගේ ප්‍රති යෝජනා හුවමාරු කරගෙන ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ලැබීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කරණය අවසන් කළ හැකි වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා බිස්නස් ටී වී සම්මුඛ සාකච්ඡාව පහතින්

https://youtube.com/watch?v=EHng9l9q7sU%3Ffeature%3Doembed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *