ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් අත්සන් කරන්න බලා ඉන්න වෙලා – මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

පැරිස් සමාජය සහ ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන් සමඟ අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවට පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟත්වය ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය හැකි බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.
පැරිස් සමාජය සහ ඉන්දියාවෙන් සැදුම්ලත් නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී ඇත. චීනයේ එක්සිම් බැංකුව ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී තිබේ..