ඩොලරය රුපියල් 307.70 / 90 දක්වා අඩු වෙයි

අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත.
ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි.
ඩොලරයේ අගය දිගින් දිගට අඩු වෙමින් පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ තමන් මැදිහත් වී පාලනය නොකළේ නම් ඩොලරය මීට වඩා වේගයෙන් අව ප්‍රමාණ වන බව යි.
රුපියල වේගයෙන් සහ පමණට වඩා ශක්තිමත් වීම ආර්ථිකයට හානි කර බව මහ බැංකුව කියයි.