ඩොලරය රුපියල් 307.70 / 90 දක්වා අඩු වෙයි

අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත.
ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි.
ආර්ථීකය සරලව
අද දින ඩොලරයේ හුවමාරු අගය රුපියල් 307.70/90 දක්වා පහත වැටී රුපියල තවත් ශක්තිමත් වී ඇත.
ඊයේ සවස් වන විට එය 307.90 / 308.05 ලෙස සටහන්ව තිබිණි.
මෙරට විදේශ ණය ගෙවීමේ දී 2023 සිට 2027 දෙසැම්බර දක්වා වසර පහක සහන කාලයක් ලැබෙනු ඇතැයි ද, වසරකට ගෙවන ණය ප්‍රමාණය අඩකින් අඩු වනු ඇතැයි ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එමෙන් ම ණය ගෙවීම සඳහා 2042 දක්වා කාලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කී ය.
පැරිස් සමාජය සහ ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන් සමඟ අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවට පෞද්ගලික ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟත්වය ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය හැකි බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.
පැරිස් සමාජය සහ ඉන්දියාවෙන් සැදුම්ලත් නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී ඇත. චීනයේ එක්සිම් බැංකුව ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී තිබේ..
නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්‍යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.
අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයෙන් පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 342 ක් බව මහ බැංකු සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කර ඇත.
මෙය 2020 ජනවාරි මාසයෙන් පසු මසක දී ලැබුණු ඉහළම ආදායම ලෙස වාර්තා වී තිබේ.
රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුසිසුවියන්ට පාඨමාලා ගාස්තු නොගෙවා නොමිලයේ අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.
පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ලංකාවේ පසුබිමේ සිට සිතන අයෙකුට විශේෂ දෙයක් නොවුනත්, ඇමරිකාව ඇතුළු තවත් රටවල් බොහොමයක එවැනි අවස්ථාවක් කියා කියන්නේ දුලබ අවස්ථාවක්. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් කියා කියන්නේ දෙවන උපාධියක්. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පිණිස තරඟ විභාගයට පෙනී සිටිය හැක්කේ වසර හතරක පළමු උපාධි පාඨමාලාවක් සාර්ථක ලෙස හැදෑරීමෙන් පසුව පමණයි.
අද දිනයේ ඩොලරය හුවමාරු වුයේ රුපියල් 308.80 -308.90 මිල ගණන්වලට බව වෙළෙඳපොළ වාර්තාවල දැක්වෙයි.
මෙමගින් රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු වෙයි.
උද්ධමනයේ සියයට 5 ක ඉලක්කය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි බවත්, ඒ අනුව අඩුවන බැංකු පොලී තත්ත්වය අඩු වශයෙන් මාස 18 ක් 20 ක් පවතිනු ඇති බවත්, පොලී අනුපාත ඉක්මනින් යලි වැඩි වීමේ අවධානමක් නැති බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ය.
බැංකු පොලියේ තවත් අඩුවීමක් අපේක්ෂා කරන බව කී ආචාර්ය වීරසිංහ මහතා ඉක්මනින් නොවුණත් මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ද තව දුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද කී ය.
සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ වාර්තා අනුව මෙම ජනවාරි මාසයේ අලුතින් සමාගම් 1,995 ක් ලියාපදිංචි කොට ඇති බවත්, එය ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට සඥාවක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ව්‍යාපාර වැසීම ගැන සමහරු කතා කළත්, ඇතැම් ව්‍යාපාර වැසී යෑම සහ අලුත් ව්‍යාපාර ආරම්භ වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, මහ බැංකු අධිපතිවරය කියයි.