Month: April 2024

බැංකු ණය පොලී පහලට

පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි.

මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව පසුගිය දා රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය. කියවන්න...

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි? – ඉකොනොමැට්ටා

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, “බිංදුවටම හිඳී තිබුණු” නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි.

එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?පළමුවෙන්ම, ඔය සංචිත “බිංදුවටම හිඳී තිබුණු” කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. කියවන්න...