Month: June 2024

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

ලංකා විදුලි බල මණ්ඩලය ජුලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත විදුලි ගාස්තුව සියයට 40 කින් පමණ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සංඛ්‍යා අනුව ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා ගාස්තුව ඒකකයට රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට යෝජනා කොට ඇති අතර එය සියයට 25 ක අඩු කිරීමකි. ඒකක 60 දක්වා ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 9 දක්වා සියයට 55 කින් අඩු කිරීමට යෝජනා කර ඇත. කියවන්න...

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත් සටනට කැඳවා ගත නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමකි. එයින් පෙනී ගියේ ජනතාව හෝ සේවකයින් හෝ මේ කයිවාරුකාරයින් සමග නැති බව යි. මොවුන්ගේ වොයිස් කට් දේශපාලනයෙන් මවා තිබු ඊනියා ජන මතය ද ජනමාධ්‍ය මගින් තහවුරු කළ මිත්‍යාවක් බව ද පැහැදිලි වී ය.

විදුලි බල පනත ගේන්න හැදුවොත් මුළු රට ම අඳුරේ තියන බව කියමින් සටන පටන් ගත් කයිවාරුකාර වෘත්තීය සමිති නායකයින් කීවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසි තුන් දහස වැඩ කරන්නේ ඇමතිගේ අණට අනුව නොව තමන්ගේ අණට බව යි. ඒ අණ එදා පිළිගෙන විනය විරෝධී වැඩ කළ සේවකයින් 65 කගේ  වැඩ තහනම් කළ විට විසිතුන් දහස පැමිණියේ නැත. කයිවාරුකාරයින් කළේ උසාවියට යෑම පමණකි. කියවන්න...