Month: May 2025

ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.

ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය සියවසකින් නොදුටු අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ශ්‍රී ලංකාවේ පැවති සංසදයක දී පැවසීය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ නැංවීම ගෝලීය ආර්ථිකය අස්ථාවර කරන බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පැවසීය.

“අපි කතා කරන පරිදි, සියවසකින් නොදුටු වෙනස්කම් වේගයෙන් පරිණාමය වෙමින් පවතින අතර ලෝකය විශාල අභියෝගවලට මුහුණ දී සිටී,” චීන ව්‍යාපාර 100 ක් පමණ වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා දේශීය හවුල්කරුවන් හමුවීමට පැමිණි සිකුරාදා කොළඹදී අමාත්‍ය වැන්ග් මහතා පැවසීය. කියවන්න...

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භයක් ද ?

කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී ඇත්තේ මෙය ඉදිරියේ එන මෙබඳු විපත් පිළිබඳ සඥාවක් ද යන්න පිළිබඳව ය. රට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සමග ඇමෙරිකාවේ නව තීරුබදු නිසා ඇතිවන අවදානම තුළ ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුව ඇත.

විපක්ෂ කණ්ඩායම්වල ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ මේ ගැන කිසිවක් නොකිරීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම ය. ඔවුන් කියන්නේ මෙබඳු තත්ත්වයක් පිළිබඳව විවිධ පාර්ශව අනතුරු අඟවා තිබිය දී එය වළක්වා ගැනීමට ආණ්ඩුව කිසිවක් නොකළ බව යි. පසුගිය කාලයේ ආණ්ඩුවේ හැසිරීම අනුව එම විවේචනයේ ද යම් සාධාරණත්වයක් නැතුවා නොවේ. කියවන්න...