ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන්න ඩයනා ඇමෙරිකාවට

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීම සඳහා සාකච්ඡා කිරීමට සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ලබන මාසයේ ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන බව ඇමැතිනියගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඩිස්නිලන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇමෙරිකාවේ වෝල්ට් ඩිස්නි සමාගම හමුවී මෙම ව්‍යාපෘතිය පිලිබඳ සාකච්චා ආරම්භ කිරීම ඇගේ ගමනේ අරමුණ වෙයි. වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජන සම්බන්ධතා පිලිබඳ ජෙෂ්ට උප සභාපති අලෙක්ෂා එස් කුඩ්රානි මහතාගේ ඇරයුමක් අනුව මෙම සංචාරය යොදාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ ඩිස්නිලන්තයක් ආරම්භ කරන ලෙස ඇමැතිනිය වෝල්ට් ඩිස්නි සමාගමට කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම ආරාධනය ලැබී තිබේ.
වෝල්ට් ඩිස්නි සමාගමේ නියෝජිත පිරිසක් නොවැම්බර් මස අග දී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙයි.
මෙම ඩිස්නිලන්ත ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ නම් එය ඩොලර් බිලියන 18 ක් පමණ වන ව්‍යාපෘතියක් බව සංචාරක රාජ්‍ය ඇමැතිනියගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.