රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී. අලුත් මිල ගණන් මෙන්න

ක්සත් ජනපද ඩොලරයට සහ ජපන් යෙන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථවල මිල ගණන් 15%කින් පමණ මිල ඉහළ ගොස් තිබෙන බව වාහන ආනයනකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතාගෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඔහු පැවසුවේ, ඩොලරයේ හා යෙන්වල වටිනාකම ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන රු. ලක්ෂ 35ට අඩු මෝටර් රථවල මිල ගණන් පවා මේ වන විට එම සීමාව ඉක්මවා යාම හේතුවෙන් සුඛෝපභෝගී බද්දට යටත්ව ඇති බවයි.

“ජපන් යෙන් සහ ඇමරිකානු ඩොලරයේ අගය 2020 මාර්තු 20 වනදායින් පසු අධික ලෙස වැඩිවීමත් සමඟම සියලු වාහනවල මිල 10%ත් 15% ත් අතර ගණනකින් වැඩිවෙලා තියනෙවා. මෙලෙස විනිමය අනුපාතය වැඩිවීමත් සමඟම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්දට යටත් නොවූ, සාමාන්‍යයෙන් මධ්‍යම පාංතිකයන් අතර ප්‍රචලිත සීසී ධාරිතාව 1000 නොඉක්මවූ කුඩා වාහනවලට ද සුඛෝපභෝගී බද්ද ගෙවීමට සිදුවෙලා තියෙනවා.“

“පවතින අයහපත් තත්ත්වය යටතේ අපගේ ප්‍රදර්ශනාගාර මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබෙන නිසා ඇඳිරි නීතිය පවතින කාලය සඳහා පමණක්වත් බැංකු ණය මත පනවා ඇති පොලිය ඉවත් කර දෙන මෙන් අප සංගමයක් හැටියට රජයෙන් ඉල්ලා සිටියා. නමුත් බැංකුවලින් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු බව කණගාටුවෙන් වුවත් කියන්නට වෙනවා.“

මේ සියලු කරුණුවල ප්‍රතිඵලයක් ලෙසින් මෝටර් රථයක සමස්ත මිල 15%කින් පමණ වැඩිවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසන අතර ඒ අනුව පහත සඳහන් වාහනවල නව මිල ගණන් මෙසේ වනු ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා අද දෙරණ Biz වෙත කියා සිටියේය.

Suzuki Every Van රු. ලක්ෂ 32ත් 35ත් අතර

Toyota Vitz රු. ලක්ෂ  45ත් 50ත් අතර

Toyota Passo රු. ලක්ෂ 38ත් 42ත් අතර

Toyota Premio රු. ලක්ෂ 90ත් 95 ත් අතර

Toyota Axio රු. ලක්ෂ 75 ත් 78ත් අතර

Toyota Raiz රු. ලක්ෂ 70ත් 75ත් අතර

Toyota C-HR රු. ලක්ෂ 80ත් 85ත් අතර

Honda CR-V රු. ලක්ෂ 120ත් 125ත් අතර

Toyota Double Cab රු. ලක්ෂ 120ත් 125ත් අතර

අද දෙරණ Biz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *