විදුලි බිල වැඩි නොකලොත් පැය හත අටක විදුලි කැපීමක් – ඇමැති කාංචන විජේසේකර

විදුලි බිල ඉහළ නංවන්නේ නැති නම් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන වසරේ සිට පැය 7-8ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු ඇති බවද හෙතෙම කියා සිටියේය.

එනිසා ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු අනිවාරෙන්ම වැඩි කළ යුතු බවත් එසේ නොකළහොත් රටට ම අඳුරු යුගයකට යෑමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *