තවත් සුපිරි මගී නෞකාවක් කොළඹට

“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි.

මෙය අද (23) දින කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 26 වන දා ත්‍රිකුණාමලය වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතය.

මගීන් 648 ක උපරිම ධාරිතාවයකින් යුුතු මෙම නෞකාවෙන් පැමිණෙන මගීන් හට මෙකී කාලසීමාව තුළ දී කොළඹ නගරය, කැලණි විහාරය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් Aitken Spence Travels විසින් සම්පාදනය කර ඇත.

Silver Spirit යනු 2022 වසරේ දී එයිට්කන් ස්පෙන්ස් හි සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලාංකීය තොටුපළක නැංගුරම් දමනු ලබන සිව්වැනි මගී නෞකාවයි. පසුගිය නොවැම්බර් 16 වන දා සිට මේ දක්වා සුඛෝපභෝගී මගී නෞකා 4 ක මගීන් 5,000 කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් ආගන්තුක සත්කාරක සේවාවන් ලබා දීමට එයිට්කන් ස්පෙන්ස් සමත් වී ඇත.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *