ජපානයේ ආධාරයෙන් බෙරේ වැව පිරිසිදු කෙරෙයි

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇත.

ව්‍යපෘතිය ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතියට වැයවන මුළු මුදල ඩොලර් මිලියන 3 කි. එය අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය. 

බේරේ වැව මේ වන විට අපවිත්‍ර වී දුගඳ හමන තත්ත්වයට පත්ව ඇති බැවින් එය පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වනු ඇත.

පෙබරවාරි මස මුල් සතිය වන විට මීට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඉන් පසුව ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතය.

අංජුල මහීක වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *