චම්පික රණවක ක්‍රමයට විදුලිය කපමින් ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකියි – ලංවිම ඉංජිනේරුවෝ කියති

ලංකා විදුලි බල මණ්ඩලය පාඩු නොලබන බව කියන්නට හිටපු ඇමති චම්පික රණවක මහතා යොදාගත් ගැන හිලව් වලංගු වන්නේ දිනකට පය දෙක හමාරක් විදුලිය කපු කාලයකට බවත්, එලෙස ම විදුලිය කපන්නේ නම් විදුලි ගාස්තු වැඩි නොකර පවත්වාගෙන යා හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ ජෙෂ්ට ඉංජිනේරුවෝ කියති.
චන්පික රණවක මහතා පසුගියදා කීවේ පසුගිය සැප්තැම්බර් , ඔක්තෝබර්, නොවැම්බර් මස තුනේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 108 ක් ආදායම් ලබා ඇති බව සහ වියදම ද බිලියන 108 ක් වූ බවයි. මුල්‍ය වියදම් අත් හැරියහොත් මණ්ඩලය ලැබ බව කී ඒ මහතා එම කාලයේ මෙම වියදම පාලනය කළේ පය දෙක හමාරක් විදුලිය කපමින් බව ප්‍රකාශ කළේ නැත. එමෙන් ම එම මාස තුනේ වැඩි වශයෙන් වැස්ස ලැබීම ද එම තත්ත්වයට හේතු වූ බව රණවක මහතා කීවේ නැත.
ලංවිම ඉංජිනේරුවන් කියන්නේ විදුලිය කපමින් එලෙස ආදායම් වියදම් පාලනය කිරීමේ හැකියාව තවමත් පවතින බවයි. වැස්ස අඩුවන විට විදුලිය කපෙඑඑම වැඩි කළ යුතු බව ද ඔවුහු කියති.
එම ඉංජිනේරුවන් කියන්නේ විදුලි ගාස්තු වැඩි වීමක් අවශ්‍ය වන්නේ වියලි කාල ගුණයක් යටතේ නොකඩවා විදුලිය ලබා දීමට බවයි.
විදුලිය කපු සහ අධික ලෙස වැසි ලැබුණු මාස තුනක අය වැය යන්තම් තුලනය වී ඇති බව චම්පික රණවක මහතාගේ සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන බව ද ඉංජිනේරුවෝ පෙන්වා දෙති.