අදානි සමුහයේ මන්නාරම, පුනරීන් සුළං බලාගාර වැඩ ඇරඹෙයි

ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයෙන් ඉදිවන මන්නාරම සහ පුනරින් සුළං විදුලි බලාගාර සඳහා ආයෝජන ගිවිසුමට අද අත්සන් තැබීය. ශ්‍රී ලංකා ආයජන මණ්ඩලය සහ අදානි සමගම අතර එම ගිවිසුම අත්සන් කෙරිණි.
මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද අද (22) කොළඹදී පැවැත්විණි.