හදිසි ණයක් ගන්න ආණ්ඩුව මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක

කොරෝනා වෛරස් ආර්ථික අර්බුදයට මෙන්ම විදේශ ණය ගෙවීමේ අර්බුදයකට ද මුහුණ දී සිටින ආණ්ඩුව හදිසි ආපදා ණය මුදලක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත.
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක ගැලපුම් ණය ක්‍රමය මෙම රජය බලයට පත්වීමෙන් පසුව අතහැර දමා තිබුණි. එම පහසුකම හදිසි ණය සහනයකට පරිවර්තනය කොට නැවත ලබාදෙන ලෙස රජය පසුගිය දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලීමක් කොට ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ අනාගතයේ දී දිගට ම කටයුතු කිරීමට රජය කැමැත්ත පලකොට ඇති බව මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට ඇත.