IMF රට තුළ සිදු කෙරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු විය යුතු ප්‍රතිසංස්කරණයි
October 29, 2023 10:41 am 0 comment

ආර්ථිකමය වශයෙන් අවධානම් සහගත තීන්දු තීරණ ගැනීමට රජය මේ මොහොතේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ රජය සිදු කරමින් පවතින්නේ දශක දෙක තුනකට පෙර සිදු කළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණ බවයි. එවැනි කල් ගත වූ අර්බුධයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී වඩාත් වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන බව සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු මැද පළාත් විශිෂ්ට ව්‍යවසායකන් ඇගයීමේ සම්මාන රාත්‍රියට එක් වෙමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
අර්බුධයට ලක් වූ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර එය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම පාලකයන්ට සේ ම ජනතාවටත් ඇති බවයි හෙතෙම පෙන්වා දුන්නේ. ආර්ථික අර්බුධයන්ට ලක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ලබා ගත් ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල් අද ලෝක ආර්ථික බලවතුන් බවට පත්ව සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
දිනමිණ