ලංකා IOC ගිය මාස 03ට කෝටි 500ක ලාභයක් උපයයි

ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව 2023 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රු. බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රු. බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ.

මෙම මූල්‍ය ප්‍රතිඵලයත් සමඟම ලංකා IOC සමාගම 2023-24 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් – සැප්තැම්බර් මාස 06 සඳහා වාර්තා කර ඇති මුළු බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 7.5 ක් ලෙසින් සටහන්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *