ශ්‍රී ලන්කන් ගන්න එමිරේට්ස්, එටිහාට් , අදානී ඇතුළු ආයෝජකයෝ 16 ක් කැමැත්තෙන්

දිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීමට එමිරේට්ස්, එටිහාට්, සහ අදානී සමුහය ඇතුළු ආයෝජකයින් 16 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
මෙම දහසය දෙනා දෙවන වටයේ ඇගයීමේ දී සුදුසුකම් ලබා ඇත.
මේ අතරින් වඩාත් වාසිදායක කොන්දේසි ඉදිරිපත් කොට ඇති සමාගම් කිහිපය කෙටි ලැයිස්තු ගත කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශක සමාගම්වල සහය ලබගෙන් තිබේ.
එසේ කෙටි ලැයිස්තු ගතකරන සමාගම් සමග කරන සාකච්ඡාවලින් අනතුරුව ආයෝජකයා තෝරා ගැනීමට නියමිතව ඇත.