බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කෙන්යාවේ තේ වතු මිල දී ගත්තේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, James Finlay Kenya තේ ව්‍යාපාරය අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. ඊට අදාළ ගිවිසුම් ඊයේ (27) දින හුවමාරු කර ඇත.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන B Commodities ME FZE UAE විසින් 2023 මැයි 03 දින ස්කොට්ලන්ත ලියාපදිංචියක් සහිත සමාගමක් වන James Finlay Limited සමඟ ගිවිසුමකට එළඹුනි. ඒ James Finlay (Kenya) Limited 85% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම වෙනුවෙනි.

James Finlay (Kenya) Limited තේ වැවිලි අංශය හෙක්ටයාර 11,000 ක ප්‍රමාණයකින් යුක්ත වන අතර වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 30 ක් නිෂ්පාදනය කරනු ලබයි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන අතර මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හරහා එය වතු 49 ක් කළමනාකරණය කරනු ලබයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *