ආර්ථික වර්ධනය ධන අතට හැරෙයි

ආර්ථික වර්ධනය ධන වෙයි

2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත.

ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ.

මෙලෙස රටේ ආර්ථික වර්ධනය ධන අගයක් ගත්තේ වසර දෙකහමාරකට පසුව ය.

එමෙන් ම මෙය ආර්ථිකයේ පසුබැස්ම අවසන් වී වර්ධනය දිශාවට හැරී ඇති බවට සාධකයකි.

වසරේ අවසන් කාර්තුවේ ආර්ථිකය තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *