මහ බැංකුවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.3 කට ඉහළ යයි

2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.3 ක් හෙවත් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහ බැංකුව මෙම වසර තුළ ඩොලර් මිලියන 1900 ක් වෙළෙඳ පොලෙන් මිල දී ගෙන ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ ලෝක බැංකුව වැනි ආයතනවලින් ලැබුණු මුදල් ද සංචිත ගොඩ නැගීම සඳහා භාවිතා කොට ඇත.
එමෙන් ම මෙම වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 12 කින් ශක්තිමත් වී තිබේ.
රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙනිම් මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු හෙළි කළේ ය.