ඩොලරය රුපියල් 317 ට බසී

රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද උදෑසන ඇමෙරිකානු ඩොලරය රුපියල් 317.10/40 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි.
අවසන් ගනුදෙනු දිනය වූ බදාදා සවස එය හුවමාරු වුයේ රුපියල් 318.10/40 අගයකට ය.
මාසයකට වැඩි කලක් තිස්සේ රුපියල ක්රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා මගින් පෙන්නුම් කරයි.