ජල සම්පාදනයට ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අනුමත වී ඇති බව ජල සම්පාදන ඇමති ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ  කරයි.

අදියර දෙකකින් යුතු ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වරෙකට ඩොලර් මිලියන 100 බැගින් අවස්ථා දෙකක දී මෙම ආධාරය ලබාදීමට නියමිත ය.

ඒ සඳහා වන ප්‍රතිසංවිධාන කටයුතුවල සියයට 75 ක් පමණ නිම කොට ඇති බව ඇමතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *