අලියා සිසිල් බීම ඉන්දියානු වෙළෙඳපොළට

සිසිල් බීම සඳහා ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෙළෙඳ නාමයක් වන අලියා බීම නිෂ්පාදන ඉන්දියානු වෙළෙඳපොළට හඳුවදීමට කටයුතු කොට ඇති බව එලිපන්ට් හවුස් සමගම නිවේදනය කරයි.

ඉන්දියාවේ රිලයන්ස් කොන්සියුමර් ප්‍රොඩක්ට් සමාගම ශ්‍රී ලංකාවේ එලිපන්ට් හවුස් සමාගම සමග එක්ව බීම නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා පිවිසීමත් සමග ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාන වර්ගවලින් එකක් වන අලියා බීම ළඟදීම ඉන්දියාවේ රාක්කවල අලෙවි වනු ඇත.

වේගයෙන් වර්ධනය වන රිලයන්ස් කොන්සියුමර් ප්‍රොඩක්ට් සමාගම ශ්‍රී ලංකාවේ එලිපන්ට් හවුස් සමාගම අතර පූර්ණ අනුබද්ධිත හවුල්කාරිත්වය ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම හවුල්කාරිත්වය මගින් ඉන්දියානු සමාගමට එහි වර්ධනය වන බීම කළඹ ශක්තිමත් කිරීමට උපකාර කිරීමට පමණක් නොව, ඉන්දියානු පාරිභෝගිකයින් වෙත සුවිශේෂී නව නිෂ්පාදන හඳුන්වාදීමට ද අපේක්ෂා කෙරෙන බව එම සමාගම් ප්‍රකාශ කරයි.

එලිපන්ට් හවුස් ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි අනුබද්ධිත සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සතු වේ. එලිෆන්ට් හවුස් සන්නාමය යටතේ, එය නෙක්ටෝ, ක්‍රීම් සෝඩා, ඊජීබී (ජින්ජර් බියර්), ඔරේන්ජ් බාර්ලි සහ ලෙමනේඩ් ඇතුළු පුළුල් පරාසයක පාන වර්ග නිෂ්පාදනය කර අලෙවි කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *