මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති

මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී යු ටියුබ් නාලිකාව ප්‍රකාශ කරයි.

මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් ලැබීම වැඩි වී තිබීමත්, ආනයන සීමා පැවතීමත් නිසා ඩොලරයේ හුවමාරු අගය විශාල ලෙස පහත වැටීමට ඉඩ තිබු නිසා එය වැළක්වීමට මහ බැංකුව මැදිහත් වූ බව යි

.දැනට පවතින පොලී අනුපාත තව දුරටත් පහත වැටෙනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමග සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථිකයේ තත්ත්වය ගැන මෙම කරුණු දැක්වීම කළ බව එම නාලිකාව පවත්වාගෙන යන මාධ්‍යවේදී ජයාන්ත කොවිලගොදගේ මහතා කියයි

ඒ මහතාගේ ප්‍රකාශය පහලින්

https://youtube.com/watch?v=c0490G8fjM4%3Ffeature%3Doembed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *