ණය හිමියන් සමග සාකච්ඡාව ලබන සතියේ ලන්ඩන් හි දී

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පෞද්ගලික ණය හිමියන සමග සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙන බව බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට ඇත.

ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සෙනෙවිරත්න සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් සහභාගී වනු ඇති බව යි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පෞද්ගලික ණය හිමියන්ගේ යෝජනාවන්ට ප්‍රතිචාර ලෙස රජයේ යෝජනා පෙබරවාරි මාස මැද දී ණය හිමියන් වෙත ලබා දී තිබේ.

ඩොලර් බිලියන 12 ක් ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වෙයි. රජයේ මුල්‍ය උපදේශක ලශාර්ඩ් සමාගම විසින් සාකච්ඡා සංවිධනය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *