ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන හතරක් කපා හරී ?

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඩොලර බිලියන හතරක පමණ ණය කපා හැරීමක් අපේක්ෂා කරන බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

පෞද්ගලික ණය හිමියන් ලබාගෙන ඇති බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීමට එකඟ වී ඇති අතර එහි දී අඩු තරමින් සියයට 30 ක ණය කපා හැරීමක් රජය අපේක්ෂා කරයි.

මෙලෙස ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12 ක් ඉක්මවා ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එම ප්‍රමාණය ඩොලර් බිලියන අටක් පමණ දක්වා අඩු වනු ඇතැයි කියති.

මෙම ජාත්‍යන්තර බැඳුම්කර මේ වන විට ද්විතියික වෙළෙඳ පොළේ අලෙවි වන්නේ සියයට හතළිහකට වඩා අඩු මිලකට ය. ඒ අනුව සියයට 30 කට වැඩි ණය කපා හැරීමකට ණය හිමියන් එකඟ වනු ඇතැයි විශ්වාස කෙරෙයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික ණය හිමියන් අතර සාකච්ඡා ඉදිරි දිනවල ලන්ඩන් නුවර දී පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *