වංචා චෝදනා එල්ල වූ බදු ක්‍රමය ම අහෝසි කරන්න තීන්දුවක්

සීනි බදු වංචාව ඇතුළු බදු වංචාවලට අවස්ථාව ලැබුණු විශේෂ වෙළෙඳ භාන්ඩ බදු ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
එම බදු ක්‍රමය ලබන ජනවාරියේ සිට අහෝසි කොට දේශීය අස්වනු නෙලන කාල අනුව ක්‍රියාත්මක වන ඍතු බදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කොට තිබේ.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ක්‍රමය යටතේ ඇමතිවරයා ගේ අභිමතය පරිදි හදිසියේ බදු ඉහළ දැමීමට හෝ පහළ දැමීමට හෝ ඉඩ ලබා දී තිබිණි. එලෙස හදිසියේ බදු වෙනස් කිරීම මගින් ඇතැම් ව්‍යාපාරිකයින්ට විශාල අයුතු ලාභ හිමි වූ බවට චෝදනා එල්ල වී තිබිණි.
එම බදු ක්‍රමය ලබන ජනවාරි මස සිට සම්පුර්ණයෙන් අහෝසි කෙරෙනු ඇත.